MAR
07
පාසල් වල සිසුන් අඩුයි - ස්ටාලින් චෝදනා කරයි

පාසල්වලට කාණ්ඩ වශයෙන් කැදවීමට අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති පියවර හේතුවෙන් අද දිනයේදී පාසල් සිසුන්ගේ පැමිණිම අඩු අගයක් ගෙන ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.
එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ කාණ්ඩ වශයෙන් පාසල් කැදවීමේදී තුන්වාරය සදහා පාසල් දරුවන් සූදානම් කරවීම ප්‍රායෝගික නොවන බවයි.
එම නිසා පාසල් අධ්‍යාපනය පද්ධතිය යථාවත් කරන ලෙස අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවයි ජෝසෆ් ස්ටාලින් මහතා ඉල්ලා සිටියේ.
681 Views
Comments