බත් කඩේ කැඩුව හොරා වෙඩි තබා අල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
21

බත් කඩේ කැඩුව හොරා වෙඩි තබා අල්ලයි

බත් කඩේ කැඩුව හොරා වෙඩි තබා අල්ලයි

රත්මලාන ප්‍රදේශයේ පිසූ ආහාර අලෙවි කරන ආපනශාලාවකින් මුදල් කොල්ලකා සේවකයින් දෙදෙනෙකුට තුවාල සිදුකර පලායමින් සිටි පුද්ගලයෙකු වෙඩි තබා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

 

එම සැකකරු පැමිණි යතුරුපැදිය මෙන්ම මන්න පිහියක් සහ රම්බෝ වර්ගයේ පිහියක් පොලිසිය බාරයට ගෙන තිබේ.

 

ආපනශාලාවට රම්බෝ වර්ගේ පිහිය රැගෙන කඩා වැදුණු සැකකරු මුදල් අයකැමිට තියුණු ආයුධය පෙන්වා මරණීය තර්ජනය කර මුදල් කොල්ල කෑමෙන් පසුව එහි සේවකයින් සහ පැමිණි සිටි පාරිභෝගිකයන් වටකර පහරදී ඇති අතර අනතුරුව සැකකරු මාර්ගය ගමන් ගත් ත්‍රිරෝද රථයක් බලහත්කාරයෙන් නවතා පලායමින් සිට ඇතැයි පොලීසිය පවසයි.

 

එම අවස්ථාවේදී රත්මලාන බේකරිය හන්දිය ප්‍රදේශයේදී රාත්‍රී රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් විසින් මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස ධාවනය වන තිරෝද රථය පිළිබඳ සොයා බැලීම සඳහා එම ස්ථානයට යාමේදී එහි සිටි සැකකරු එයින් පිටතට පැන පලා ගොස් තිබේ.

 

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සැකකරු පසුපස හඹාගොස් අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් නිලධාරීන් හා පොරබදා පොලිස් නිලධාරියකුට පිහියෙන් ඇනීමට තැත්කිරීමේදි අනෙක් පොලිස් නිළධාරීයා විසින් සැකකරුගේ පාදයකට වෙඩි තබා අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

views

679 Views

Comments

arrow-up