ක්‍රිකට් තරඟය නරඹන්න ගිය පාසල් සිසුවා වගා ළිඳට වැටී මරුට

පාසල් සිසුවෙක් අනාරක්ෂිත වගා ළිඳකට වැටිමෙන් ජිවිතක්ෂයට පත්ව ඇතැයි බගවන්තලාව පොලිසිය පවසයි.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙන්නේ බගවන්තලාව බි්‍රඩ්වෙල් වතු යායේ පදිංචි බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ 13 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි භාරත් දර්ශන් නැමති 18 හැවිරිදි පාසල් සිසුවෙකි.
බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසල් ක්‍රිඩාංගණයේ ඊයේ(13) දින පැවති ක්‍රිකට් තරඟාවලියක් නැරඹිමට යන බව දෙමව්පියන්ට පවසා ඇති මිය ගිය සිසුවා නිවසට නොපැමිණිම හේතුවෙන් මව්පියන් සිසුවාව සොයා ඇත.
ක්‍රිකට් තරඟාවලිය නැරඹිමට භාරත් දර්ශන් නොපැමිණි බවට ඔහුගේ මිතුරන් විසින් දෙමව්පියන්ට දැනුම් දිමෙන් අනතුරුව නිවස අවට දරුවා සොයා සිදුකළ මෙහෙයුමකදි නිවස ආසන්නයේ පිහිටි භාවිතයට නොගන්නා අඩි 6ක් පමණ ගැඹුරකින් යුත් වගා ළිදක හිස පහලට පාදයන් ඉහලට සිටින සේ සිරුර දැක තිබේ.
සිද්ධිය පිළිබඳව බගවන්තලාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
584 Views
Comments