බෝට්ටු පලහිලව්ව දිග්ගැස්සී මල්ලී එකකුස උපන් අයියාව මරලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
07

බෝට්ටු පලහිලව්ව දිග්ගැස්සී මල්ලී එකකුස උපන් අයියාව මරලා

බෝට්ටු පලහිලව්ව දිග්ගැස්සී මල්ලී එකකුස උපන් අයියාව මරලා

කොග්ගල, මෝදරගොඩදි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලක් දුර දිග ගොස් මල්ලි විසින් අයියාට පහරදි කොග්ගල ඔයට දමා ඝාතනය කර ඇති බව හබරාදුව පොලිසිය කියයි.

 

මෙලෙස ඝාතනය කර තිබෙන්නේ කොග්ගල මෝදරගොඩ පදිංචිව සිටි 69 හැවිරිදි ධිවර කාර්මිකයෙකි.

 

සැකකාර මල්ලිද ධිවරයෙකු වන අතර දෙදෙනා අතර ඔරුවක් සම්බන්ධයෙන් කලක පටන් ආරවුලක් පැවති බවත් සැකකාර මල්ලි බිමත්ව අද(07) අලු‍යම 1.30ට පමණ අයියාට පහරදි ඔයට දමා ඇති බවත් අනතුරුව අසල්වාසින් විසින් ඔහු ගොඩට ගෙන කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කිරිමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.

 

සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන අතර හබරාදුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

views

674 Views

Comments

arrow-up