FEB
28
දිවයින පුරා ත්‍රීපෝෂ හිඟයක්

ළදරුවන් සහ ගැබිනි මව්වරුන්ට ලබාදීම සඳහා තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගබඩාවල ත්‍රිපෝෂ නොමැති බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා පැවසුවාය.
එම නිසා සායනවලට පැමිණෙන ගැබිනි මව්වරුන්ට සහ ළදරුවන්ට ත්‍රිපෝෂ ලබාදීම සිදු නොකරන බව ඇය ප්‍රකාශ කළාය.
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකිවීම නිසා මෙලෙස ළදරුවන්ට සහ ගැබිනි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමට නොහැකිවී තිබේ.
598 Views
Comments