මිල්ලනියේ නිවසක මත්කුඩු පැකට් කරමින් සිටි 03ක් අල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
21

මිල්ලනියේ නිවසක මත්කුඩු පැකට් කරමින් සිටි 03ක් අල්ලයි

මිල්ලනියේ නිවසක මත්කුඩු පැකට් කරමින් සිටි 03ක් අල්ලයි

හෙරොයින්, ගංජා, හෑෂ්  සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු මිල්ලනිය බැල්ලන්තුඩාව නිවසකදි අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය පවසයි.

 

මෙලෙස අත්අඩංගුවට පත් වූවන් අතර නිවසේ හිමිකරුද සිටින බව පොලීසිය කියයි.

 

එම සැකකරුවන් සමඟ හෙරයින් මත්කුඩු පැකට් 32ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලි ග‍්‍රෑම් 700ක් හෑෂ් මත්ද්‍රව්‍ය මිලි ග‍්‍රෑම් 1000ක් සහ ගංජා ග්‍රෑම් දෙකක් මෙන්ම පැකට් කිරීමට යොදා ගන්නා උපකරණ රැසක් සැකකරුවන් සමඟ පොලිසිය භාරයට ගෙන තිබේ.

 

රත්මලාන ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය රැගෙනවිත් පැකට් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස මෙම නිවස කලක සිට පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

 

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් බැල්ලන්තුඩාව සහ බණ්ඩාරගම වීදාගම පදිංචිකරුවන්වේ.

views

677 Views

Comments

arrow-up