වහාම චමුදිතගේ ආරක්ෂාව තහවුරු කරන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
14

වහාම චමුදිතගේ ආරක්ෂාව තහවුරු කරන්න

වහාම චමුදිතගේ ආරක්ෂාව තහවුරු කරන්න

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල ගංගාරාම පාරේ පිහිටි නිවසට අද (14) අළුයම 2 ට පමණ නාදුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

 

පැමිණි පුද්ගලයින් නිවසට ගල් හා අසූචි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර ඉන් නිවසට සැලකිය යුතු අලාභහානියක් සිදුව තිබෙනවා.

 

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ඇති තර්ජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මීට පෙරද පැමිණිලි කර තිබූ නමුත් අදාල සංගමයෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තද, පැමිණිල්ල සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ගැන දැනුම්දීමක් සිදු නොකළැ බවයි පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පවසා ඇත.

 

එබැවින් නිවසට ප්‍රහාරයක් එල්ලවීම ගැන ඔහුගේ පැමිණිල්ල කඩිනමින් විමර්ශනය කරන ලෙසත්, ඔහුට යම් ජීවිත තර්ජනයක් ඇත්නම් ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන් සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

views

860 Views

Comments

arrow-up