කොරෝනා වැළඳී මුල් වරට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් මියයයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
21

කොරෝනා වැළඳී මුල් වරට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් මියයයි

කොරෝනා වැළඳී මුල් වරට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් මියයයි

කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියගිය පළමු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය පෙරේදා(19) වාර්තා වූ බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවසුවාය.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ පොළොන්නරුව, ජයන්තිපුර, යාය 05 පදිංචිව සිටි පුෂ්පා කුමාරි විජේරත්න නමැති 41 හැවිරිදි එක්දරු මවකි.

 

උණ, සෙම්ප්‍රතිෂ්‍යාව තිබුණත් කොවිඩ් පරීක්‍ෂණ සිදුකරගැනීමට පහසුකම් නොමැති තැන ඇය පෞද්ගලික රෝහලක් වෙත ගොස් පී. සී. ආර්. පරීක්‍ෂණයක් කරගෙන ඇති අතර එහිදී ඇයට කොවිඩ් ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබේ.

 

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනිය පැවසුවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විශාල පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි.

 

කොවිඩ් ආසාදනය වී මියගිය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හිඟු‍රක්ගොඩ සෞඛ්‍ය වෛද්‍යය කාර්යාලයට අනියුක්තව සේවය කරමින් සිට තිබේ.

views

687 Views

Comments

arrow-up