නිවසේදීම කුඩා විදුලි බලාගාරයක් හදමු

වර්තමාන විදුලි අර්බුදයට තවත් එක් විසදුමක් ලෙස සුර්ය බලයෙන් නිවසේ 230w තමන්ටම නිශ්පාදන කර ගත හැකි බව පුත්තලම අනුරාධපුර මාර්ගයේ කලාඔය රාජාංගනය හන්දිය කාර්මික ශිල්පි පුභාත් මංජුල මහතා පවසයි.
දැනටමත් ඒ මහතා තම ව්‍යාපාරික ස්ථානය දිවා කාලයේ සුර්ය බලයෙන් 230w දිවා කාලයේ භාවිතා කරන බවත් , මෙය රාත්‍රී කාලටත් සිදු කළ හැකි බවත් ඒ සදහා සුදුසු බැටරි අරෝපණය කිරීමක් පසුව එම බැටරි පද්ධතියක් ඔස්සේ දිවාකාලයේදී සූර්ය බලය ලබාගෙන ඇති විදුලි ශක්තිය දින කීපයක් 230 w තම නිවසට හෝ කාර්යාලයට වැඩබිමට භාවිතා කළ හැකි බවයි ඒ මහතා සඳහන් කරන්නේ .
මෙම පද්ධතිය OFF Grid System යනුවෙන් සඳහන් මෙම ක්‍රමවේදය යටතේ විදුලිබල මණ්ඩලයට කිසිදු සම්බන්ධතාවයකින් තොරව සිදුකළ හැකි බවයි ඒ මහතා සඳහන් කරන්නේ . දැනටමත් Facebook ඔස්සේ දැනටමත් රට පුරා 11,000ක සාමාජික පිරිසක් මේ පිළිබඳව අත්හදා බැලීම් සිදු කරමින් ජනතාවට පහසුකම් සැලසීමේ කටයුතු සිදු කරන අතර ඒ සඳහා ලබාගන්නා inverter හා සෝලා පැනල් ඇතුළු උපාංග අධික මිල ගණන් නිසා මේ පද්ධතිය තුලින් ජනතාවට ලබාගත සහන අඩු වී ඇතැයි ඒ මහතා සඳහන් කරයි .
දිවා කාලයේ ජල මෝටර් වලින් ජලය ලබා ගැනීමටත් වගේම , වර්ථමානයේ ඇති වී ඇති තත්වයට අලෝකය පමණක් ලබා ගැනීම නම් සුර්ය තාපය මගින් 12 v හෝ 24v මගින් බැටරි අරෝපණය කර රාත්‍රී කාලයේ භාවිතා කලහැකි බවත් , එසේ නොමැති නම් මෙම OFF grid system මගින් ජාතික විදුලි පද්ධතියට කිසිදු සම්බන්ධයක් නොකොට පැය 24 පුරාම 230 v විදුලිය තම නිවසට හෝ අවශ්‍ය ස්ථානයට ලබා ගත් හැකි බවත් ඒ තුලින් තමන් සතු සියළු උපකරණ භාවිතා කර හැකි බවත් ඒ මහතා සදහන් කරයි.
මේ ක්‍රමවේද සාමාන්‍ය ජනතාවට භාවිතා කිරීමට කිසිදු ගැටළුවක් පැණ නොනගින බවත් , සියළු ආරක්ෂක මෙවලම් භාවිතා කරමින් මෙය සිදු කල හැකි අතර මේ තුලින් ජාතික විදුලි පද්ධතිය ක්‍රියා නොකර අවස්ථාවල මෙන්ම , ක‍්‍රියාත්මක වන අවස්ථාවේදීත් තම තමන්ගේ විදුලි අවශ්‍යතා සපුරා ගත හැකි බවත් අවශ්‍ය වන්නේ සූර්ය ශක්තිය පමණක් බවත්, මේ සදහාරජය මැදිහත් වීම තුළින් මෙම උපකරණ අඩු මිලට ලබාගැනීමේ ක්‍රමවේදයක් බැංකු ණය මුදලක් ලබා ගැනීමට හැකියාව ඇත්නම් මෙම පද්ධතිය තුළින් මේගා වොට් ගණනේ රට පුරා නිවස් තුලම කුඩා විදුලි බලාගාර ඇති කර විදුලිය තම නිවෙස තුලම නිශ්පාදන කරගත හැකි අතර පුත්තලම , අනුරාධපුර , පොලොන්නරුව වව්නියාව , මන්නාරම ඇතුළු යාපනය දක්වා වසරේ වැඩි කාලයක් සූර්ය තාපය ලැබෙන ප්‍රදේශවල මෙය ඉතාමත් පහසුවෙන් සිදු කළ හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ.
මේ සඳහා රජය හෝ නියමිත බලධාරියෙකු තමන්ට සහන සලසා දෙන්නේ නම් මේ කටයුත්ත තුළින් ජනතාවට විශාල සහන සලසා දිය හැකි බවත් ජාතික විදුලි බල පද්ධතියෙන් මෙගා වොට් ගණනාවක් ඉතිරි කර ගත හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා .
798 Views
Comments