අද පෝලිම් නැත්තේ ටොයිලට් යන්න විතරයි - එස්.එෆ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
28

අද පෝලිම් නැත්තේ ටොයිලට් යන්න විතරයි - එස්.එෆ්

අද පෝලිම් නැත්තේ ටොයිලට් යන්න විතරයි - එස්.එෆ්

සමගි ජනබලවේගයේ රජයක් ආවාම මම අනිවාර්යෙන් නීතිය සහ සාමය ඇමැති හැටියට මේ රටේ දූ’ෂණය නවත්වනවා. අපේ නායකතුමා ප්‍රසිද්ධියේ ඒක කියලා තියෙනවා. එතුමට ආපසු හැරෙන්න බෑ දැන්. ජනතාවට පොරොන්දු වෙලා තියෙනවා. අද මිනිසුන්ගේ මුහුණුවල දකින්නට ඇත්තේ අ’විනිශ්චිතභාවය. අද කෑවොත් හෙට කන්නේ කොහොමද කියලා විශ්වාසයක් නැතැයි පා.ම. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.

 

 

ඒ මහතා එසේ පැවසූයේ 26 වන දින නාරම්මල නගරයේදී පැවති රණවිරු හමුවකදීය. එම හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

 

 

අද දවසේ පෝලිම් නැත්තේ ටොයිලට් යන්න විතරයි. මොකද කන්න බොන්න අඩු නිසා ඒ වැඩේත් ටිකක් අඩු වෙලා තියෙන්නේ.

views

684 Views

Comments

arrow-up