නැව් 04ක් අවලංගු වෙයි - ඩීසල් හිඟය තවදුරටත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
14

නැව් 04ක් අවලංගු වෙයි - ඩීසල් හිඟය තවදුරටත්

නැව් 04ක් අවලංගු වෙයි - ඩීසල් හිඟය තවදුරටත්

තෙල් සංස්ථාව විසින් ඉන්ධන හිඟය අවසන් කරන බවට ප‍්‍රකාශ කළද කොළඹ, මහනුවර, පුත්තලම, මාතලේ ඇතුළු දිස්ත‍්‍රික්ක කිහිපයක ඉන්ධන හල් අසල ඞීසල් ලබාගැනීම ස`දහා දිගු පෝළිම් ඊයේ (13) වාර්තා වී තිබිණි.


ඞීසල් හිඟය මේ සතිය අවසන්වන විට හමාර වන බව බලධාරීන් ප‍්‍රකාශ කළද මේ සතිය අවසන් වනතෙක් එය පවතිනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසයි.



ඊයේ මුතුරාජවෙල පර්යන්තය වෙත ඞීසල් මෙටි‍්‍රක් ටොන් 20,000 ක පමණ ඞීසල් තොගයක් ගොඩබෑම සිදුකළත් එය ඉදිරි දින තුන හතරකට ප‍්‍රමාණවත් බවද එම ආරංචි මාර්ග පැවැසීය.



මේ අතර පෙට‍්‍රල් සහ ඞීසල් නැව් 04 ක් එළඹෙන 17 සහ 18 දිනවල පැමිණීමට නියමිතව තිබුණත් එම ඉන්ධන නැව්ද අවලංගු වී ඇතැයිද එම ආරංචි මාර්ග තවදුරටත් පැවැසීය.

 

සපුගස්කන්ද පිරිපහදුව මගින් නිපදවනු ලැබූ ඞීසල් මෙටි‍්‍රක් ටොන් 7000 ක් පමණ තිබෙන බවත්, තව දින කිහිපයකින් බොරතෙල් අවසන්වීම නිසා එම පිරිපහදුවද නැවත නවතා දැමීමට සිදුවන බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පැවැසීය.

views

573 Views

Comments

arrow-up