සහල් සැෂේ පැකට් ලඟදීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
28

සහල් සැෂේ පැකට් ලඟදීම

සහල් සැෂේ පැකට් ලඟදීම

සිංහල අලූත් අවුරුද්ද වනවිට සෑම වර්ගයකම සහල් කිලෝවක මිල රුපියල් 300ක් පමණ දක්වා ඉහළ යනු ඇති බවත් ඉදිරියේදී ජනතාවට මිලදී ගැනීමට සිදුවන්නේ සහල් කිලෝ ගණන්වලින් යුත් පැකට් නොව සහල් හුණ්ඩුවේ සැෂේ පැකට් බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා සඳහන් කරයි.

 

පොළොන්නරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා කියා සිටියේ හරිත කෘෂිකර්මාන්ත ප‍්‍රතිපත්තිය නිසා මහ කන්නයේ වී අස්වැන්න සියයට 50කින් අඩුවී තිබෙන බවයි.

 

එසේම ඉදිරි යල කන්නයේදී වී අස්වැන්න අඩුවුවහොත් මිලදී ගැනීමට වන්නේ සහල් කිලෝ ගණනින් යුත් පැකට් නොව හුණ්ඩුවේ සැෂේ පැකට් බවද ඒ මහතා වැඩිදුරටත් කීවේය.

 

 “මේ වනවිට සෑම වර්ගයකම සහල් කිලෝවක මිල වැඩිවෙලා. නාඩු කිලෝවක් රුපියල් 200ට වැඩියි.

කීරි සම්බා කිලෝවක් රුපියල් 300 පැනලා. සිංහල අලූත් අවුරුද්ද වනවිට මෙම සහල් මිල තවත් වැඩිවෙයි.

වී අස්වැන්න අඩු නිසා වී කිලෝවක මිල රුපියල් සියයටත් වැඩියි. වී කොටන්න මෝල්වලට එන වී තොග අඩුවෙලා.

ඒ අතර මහා පරිමාණයෙන් සහල් මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. මේවා පාලනය කරන්න කෘෂිකර්ම ඇමැතිවරයාට හැකියාවක් නැහැ.”

views

690 Views

Comments

arrow-up