විශිෂ්ඨ පිතිකරණය හේතුවෙන් භානුක රාජපක්ෂ වටා ඉන්දීය ක්‍රීඩා ලෝලීන් රොක් වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
04

විශිෂ්ඨ පිතිකරණය හේතුවෙන් භානුක රාජපක්ෂ වටා ඉන්දීය ක්‍රීඩා ලෝලීන් රොක් වෙයි

විශිෂ්ඨ පිතිකරණය හේතුවෙන් භානුක රාජපක්ෂ වටා ඉන්දීය ක්‍රීඩා ලෝලීන් රොක් වෙයි

තරඟාවලි කිහිපයකට අවස්ථාවක් නොදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නොසලකා හැර තිබූ පසුබිමක පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් භානුක රාජපක්ෂ මූලික ලංසුව යටතේ එනම් ඉන්දීය රුපියල් ලක්ෂ 50කට මිලදී ගන්නා ලදී.

 

ඒ අනුව වසර 07කට පමණ පසු ශ්‍රී ලංකාවෙන් පිතිකරුවෙකු ලෙස ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ අවස්ථාව හිමිකර ගත් ැතර භානුක රාජපක්ෂ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ වටිනාම ක්‍රිඩකයින් අතරින් ඉදිරියට පැමිණ ඇත්තේ මුදලට වඩා තම දක්ෂතාවය විශිෂ්ට බව පසක් කරමිනි.

 

ඔහු සහභාගි වූ පළමු තරඟයේදීම පන්දු 22ක් තුළ අධිවේගී ලකුනු 43ක් රැස් කිරීමට සමත් වූවා මෙන්ම පෙරේදා කොල්කටා නයිට් රයිඩර්ස් සමඟ පැවති තරඟයේ ප්‍රහාරාත්මක පිතිකරණයක නිරතවෙමින් අධිවේගී ලකුණු 31ක් රැස් කිරීමට සමත් වුයේ පන්දු 09ක් පමණක් වැය කරමිනි.

 

පිටිය සිසාරා එල්ල වූ දැවැන්ත හයේ පහරවල් සමග පන්දු 09ක් පුරා ක්‍රියාත්මක වූ මෙම ඉණිම ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානයට යොමුවිය.

 

ඒ අනුව මේ වනවිට භානුක රාජපක්ෂ වෙනුවෙන් ඉන්දියාව තුළ විශාල රසිකයන් ප්‍රමාණයක් නිර්මාණය වී තිබේ.

 

ඇතැම් ඉන්දීය රසිකයන් පවසන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවෙකු වන සනත් ජයසූරියගේ නැවත ආගමනයක් ලෙස භානුක රාජපක්ෂ හැඳින්විය හැකි බවයි.

 

ඒ අනුව මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ඉතා දැඩි ක්‍රිකට් රසික ආකර්ෂණයක් හිමිව තිබූ භානුක රාජපක්ෂට මේවන විට මුළු ලෝකයේම රසික ආදරය හිමි වීම ආරම්භ වී තිබේ.

views

685 Views

Comments

arrow-up