ෆේස්බුක් සිය නාමය වෙනස් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
29

ෆේස්බුක් සිය නාමය වෙනස් කරයි

ෆේස්බුක් සිය නාමය වෙනස් කරයි

ෆේස්බුක් සිය ආයතනික නාමය මෙටා (Meta) ලෙස වෙනස් කර ඇති බව වාර්තා වනවා.

 

සිය ආයතනය සමාජ මාධ්‍යට සිර නොවී ඉන් ඔබ්බට virtual reality වැනි ක්ෂේත්‍ර දක්වා පුළුල් කරන බැවින් සමාගමේ ඉලක්කයන් මෙම නව නාමය හරහා වඩාත් හොඳින් පැහැදිලි වන බව ඔවුන් පවසනවා.

 

මෙම වෙනස ෆේස්බුක් ආයතනයේ ආයතනික නාමයේ වෙනසක් පමනක් වන අතර Facebook, Instagram සහ Whatsapp යන සමාජ මාධ්‍යන්හි නාමයන්හි වෙනසම් මේ හරහා සිදු නොවේ. මව් සමාගමේ නම පමණක් මෙහිදී වෙනසකට බඳුන් වේ.

 

හිටපු සේවකයෙකු විසින් කාන්දු කරන ලද ලේඛන හරහා ෆේස්බුක් වෙත යොමුවූ සෘණාත්මක විවේචනයන් මීට පදනම් වී ඇත.

 

හිටපු සේවකයෙකු වන ෆ්‍රැන්සිස් හෝගන් විසින් ෆේස්බුක් සමාගම “ආරක්ෂාවට වඩා ලාභ” අපේක්ෂා කරන බවට චෝදනා කර ඇත.

 

2015 දී, ගූගල් සමාගම එහි මව් සමාගම ඇල්ෆාබෙට් ලෙස නම් කරමින් ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ නමුත් එය සමාජය වැළඳ ගත්තේ නොමැත.

views

758 Views

Comments

arrow-up