කඳුළු ගෑස් නවතා දමන්න - ජිනීවා මානව හිමිකම් කවුන්සිලය

විරෝධතා මර්ධනය සඳහා ආරක්ෂක අංශ විසින් භාවිතා කරනු ලබන කඳුළුගෑස් නවතා දමන ලෙස ශ්‍රී ලංකාවට ස්විට්සර්ලන්තයේ පිහිටි ජිනීවා මානව හිමිකම් කවුන්සිලය දැනුම් දී තිබේ.
එම කවුන්සිලය පවසන්නේ ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන විරෝධතා මර්දනයට යොදා ගන්නා කඳුළුගෑස් සහිත උණ්ඩ ඇස්වලට හානිදායක විෂ රසායනික ද්‍රව්‍ය සහිත දෙයක් බවයි.
තවද ශ්‍රී ලංකාවේ පොලීසියට කඳුළු ගෑස් අලෙවි කිරීම සිදු කරනු ලබන්නේ බටහිර රාජ්‍යයන් විසින් බවටද අනාවරණය වී ඇත.
මෙරට සිදුවන විරෝධතාවල දී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් වැදුණු පසු දෑස් හැර ගැනීමට නොහැකිව ඇද වැටෙන අවස්ථා ද ක්ලාන්තව රෝහල්ගත කරන අවස්ථා ද බොහෝවිට වාර්තාවේ.
මානව හිමිකම් කවුන්සිලය මෙරට කඳුළු ගෑස් භාවිතය තහනම් කිරීමට දැනුම් දී ඇත්තේ එවැනි තත්ත්වයක් තුළය.
213 Views
Comments