සදුදා සිට සතියේ දින පහේම පාසල් පැවැත්වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
13

සදුදා සිට සතියේ දින පහේම පාසල් පැවැත්වේ

සදුදා සිට සතියේ දින පහේම පාසල් පැවැත්වේ

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් ලබන 15 වනදා සිට සතියේ දින පහේම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

 

පාසල් සාමාන්‍ය වේලාවන් තුළ දී එනම් පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පැවැත්වීමට නියමිතය.

 

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

 

ප්‍රවාහන අපහසුතා සහිත විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙස පළාත් බලධාරීන්ට උපදෙස් ලබා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

 

එසේම ඉදිරි මාස 3ක කාලය තුළ පාසල් කාලය විෂයය ඉගැන්වීම සඳහා පමණක් යොදා ගන්නා ලෙස ද විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිබාහිරව සිදු කරන ලෙස ද පාසල්වල පැවැත්වෙන උත්සව සීමා කිරීමටත් වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.

 

views

248 Views

Comments

arrow-up