අලි ඇතුන්ටත් වෛද්‍ය සායනයක්

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයට සහභාගී වන අලි ඇතුන් සඳහා විශේෂ වෛද්‍ය සායනයක් අද (06) මහනුවර ශ්‍රී දළදා මාලිගාව සහ සිව් මහා දේවාල පරිශ්‍ර වලදී පැවැත්වුණි.
අලි ඇතුන්ට පවතින විවිධ රෝග, තුවාල, ආසාත්මිකතා සහ විවිධ නිදන්ගත රෝග සම්බන්ධයෙන් මෙහිදී පරීක්ෂාවට ලක් කර ඇත.
මෙම වෛද්‍ය සායනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන්ගේ සහ සිසුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා සඳහන් කළේ පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් අලි ඇතුන්ගේ පාද ආශ්‍රිතව හට ගත හැකි රෝගාබාධ සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කළ බවයි.
276 Views
Comments