“මම ජනාධිපතිවුණාට ප්‍රශ්න තාම එහෙම්මයි, විසඳන්න එකතුවෙන්න” - ජනපති රනිල් (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
31

“මම ජනාධිපතිවුණාට ප්‍රශ්න තාම එහෙම්මයි, විසඳන්න එකතුවෙන්න” - ජනපති රනිල් (VIDEO)

“මම ජනාධිපතිවුණාට ප්‍රශ්න තාම එහෙම්මයි, විසඳන්න එකතුවෙන්න” - ජනපති රනිල් (VIDEO)

ඊයේ(30) මහනුවර කළ සංචාරයෙන් පසුව මහනුවර ජනපති මන්දිරයේදී කතාවක් පැවැත්වූ ජනපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ විශාල ආර්ථික පීඩනයක් ඇතිවූ බවත් ඒ අනුව ඇතිවූ දේශපාලන විපර්යාසය නිසා තමා ජනපතිධුරයට පත්වූ බවත් පැවැසීය. 

 

ඒ අනුව දිනේෂ් ගුණවර්ධන අගමැතිවූ බවත් ගෝඨාභය රාජපක්ෂට ඉවත්වීමට සිදුවූ බවත් පැහැදිලිකළේය.

 

ඔහු සිදුකල කථාව පහතින්,

 

‘පොහොර නැතිවුණා, තෙල් නැතිවුණා අවසානයේ පීඩනය පිපිරුණා. ජනතාව පාරට බැස්ස එක හරි ඒත් අරගලවලට උද්ඝෝෂණවලට ආපු අරමුණු වෙනත් පැත්තකට ගියා වෙනත් සංවිධාන ඇවිත් දේශපාලන උවමනාවන්ට ඒවා පාවිච්චි කරා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට අපි ෆැසිස්ට් ත්‍රස්තවාදයට මුහුණ දුන්නා. ගෙවල් ගිනි තිබ්බා. ගෙවල් පුච්චන එක පොත් පුච්චන එක හිට්ලර්ගෙන් ඉගෙන ගත්ත එකක්. එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙඩි තිබ්බා ඒත් මෙහෙම දේවල් කරේ නැහැ.
 

මාව ගෙදර යවන්නත් කතාවෙනවා. ඒත් ඊට කලින් මට ගෙයක් හදල දෙන්න කියල මං ඒ අයගෙන් ඉල්ලනවා.
රටේ ප්‍රශ්න වලට බලපෑවේ ගෝඨාභය පොහොර නොගෙනාපු එක කියල කට්ටියක් කියනව. තව කට්ටියක් කියනවා ගෝඨාභය  අයිඑම්එෆ් වෙලාවට ගියෙ නැති නිසා කියල. තවත් අය කියනවා පසුගිය රජයන් එහෙම නැත්නම් යහපාලන කාලෙ ගත්ත විශාල ණය නිසා කියල.


මේව කිය කිය තර්ක කරන්න පුළුවන් කාට හරි ඇගිල්ල දික්කරන්න පුළුවන්. ඒත් දැන් ඒවයින් වැඩක් තියද දැන් තියන ප්‍රශ්න වලට ඒවයින් විසදුම් ලැබෙයිද..  නැහැනෙ. ඒවට වරදකාරයො ගැන විශ්ලේෂණය කරල පොත් ලියන්න වුණත් පුලුවන් කාට හරි.
ඒත් පරණ දේවල් හොය හොය හිටියයි කියලා මෙතැනින් අඩියක් හරි අපට රට සංවර්ධනයකට ගෙනියන්න බැහැනෙ. මේ ප්‍රශ්න වලට ඉක්මන් විසදුම් ලැබෙන්නෙත් නැහැනෙ.

 

 

views

271 Views

Comments

arrow-up