බ්‍රිතාන්‍ය අමාත්‍යවරයෙකුගේ ජනපති රනිල් වික්‍රමසිංහට දුරකථන ඇමතුමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
24

බ්‍රිතාන්‍ය අමාත්‍යවරයෙකුගේ ජනපති රනිල් වික්‍රමසිංහට දුරකථන ඇමතුමක්

බ්‍රිතාන්‍ය අමාත්‍යවරයෙකුගේ ජනපති රනිල් වික්‍රමසිංහට දුරකථන ඇමතුමක්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පොදු රාජ්‍ය මණ්ඩල සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් විසින් ජනාධිපති ‍රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.

 

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ආර්ථික තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව එම අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබේ.

 

සාමකාමී විරෝධතා, මාධ්‍ය නිදහස, මානව හිමිකම් සහ යුක්තිය පිළිබඳ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ද එම දුරකථන ඇමතුමේ දී සාකච්ඡා කර තිබේ.

 

පවතින අභියෝග මධ්‍යයේ බ්‍රිතාන්‍යය අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහය ලබාදීමට සුදානම් බව එම අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

views

260 Views

Comments

arrow-up