රුපියල් ලක්ෂ 50ක උගුලක් ගැන රැට්ටා කියයි

සිය අනුදැනුමකින් තොරව තම බැංකු ගිණුමට ඊයේ (12) සවස රුපියල් ලක්ෂ 50ක මුදලක් බැර වී ඇති බව රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා පවසයි.
මෙය අරගලයෙන් මූල්‍ය වංචා සිදුකළ බවට තමාට චෝදනා නැගීම සඳහා වන උගුලක් බව රැට්ටා කියයි.
තමා CIMA සුදුසුකම් ලත් ගණකාධිකාරිවරයකු වන අතර තමාව සල්ලිවලට නමා ගැනීමට නොහැකි බවත් රැට්ටා වැඩිදුරටත් පවසයි.
මේ පිළිබඳව තමා දැනටමත් බැංකුව වෙත පැමිණිලි කර ඇති බවත් කඩිනමින් මේ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් රැට්ටා පවසයි.
257 Views
Comments