බත් පැකට්ටුවක සහ තේ කෝප්පයක මිල පහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
06

බත් පැකට්ටුවක සහ තේ කෝප්පයක මිල පහලට

බත් පැකට්ටුවක සහ තේ කෝප්පයක මිල පහලට

ලබන සදුදා සිට බත් පැකට්ටුවක සහ තේ කෝප්පයක මිල අඩුකරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

 

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල මේ වන විටත් අඩු වී ඇති බැවින් හා ලබන සදුදා සිට ගෑස් මිල අඩු කිරීමට නියමිත බැවින් මෙම තීරණය ගත් බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කරයි.

 

මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇති නමුත් එම සහනය පාරිභෝගිකයාට ලබා දීමට සිල්ලර කඩහිමිය කටයුතු කර නොමැති බව ප්‍රදේශ රැසකින් ම වාර්තාවේ.

views

274 Views

Comments

arrow-up