JUL
30
අගමැති ගමට යයි

අග්‍රාමාත්‍යවරයා දිනේෂ් ගුණවර්ධන මහතා සිය උපන් ගමට ගොස් තිබෙනවා.
කොස්ගම බොරලුගොඩ ප්‍රදේශයේ උපත ලැබූ එතුමා අග්‍රාමාත්‍ය ධුරයෙන් පසුව ගමට ගිය ප්‍රථම අවස්ථාව මෙයයි.
එහිදී බොරලුගොඩ සිංහයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සිය පියාණන් වන දිවංගත පිලිප් ගුණවර්ධනයන්ගේ ස්මාරකයට ද එතුමා පූෂ්පෝපහාර දැක්වූවා.
තමන්ට වත්මන් ජනාධිපතිවරයාගෙන් ධූරයේ වැඩ කටයුතු වලට බාධාවක් එල්ල නොවන බවත් රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට කඩිනම් විසඳුම් ලබා ගැනීමට එක්ව ජනතා නායකයින් ක්‍රියා කළ යුතු බවත් එතුමා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.
251 Views
Comments