JAN
04
නිදහස් සැමරුමට සමරු මුද්දරයක් හා කාසියක්

මෙවර 75 වන ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුව මුද්දර දෙකක් සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රුපියල් 1000 ක් වටිනා සමරු කාසි 75 නිකුත් කිරීමට නියමිතය.
මෙවර ජාතික නිදහස් උත්සවය සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දී මේ ගැන සඳහන් විය.
මෙවර ජාතික නිදහස් උත්සවය "නමෝ නමෝ මාතා සියවසකට පියවරක් " යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේදී අභිමානවත් අයුරින් පැවැත්විමට නියමිතය.
242 Views
Comments