වාහන 200ක් එකිනෙකට ගැටී සිදුවූ දරුණු රිය අනතුර
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
28

වාහන 200ක් එකිනෙකට ගැටී සිදුවූ දරුණු රිය අනතුර

වාහන 200ක් එකිනෙකට ගැටී සිදුවූ දරුණු රිය අනතුර

 

චීනයේ සෙන්ග්සූ නගරයේ පිහිටි පාලමක් මත සිදුවූ දරුණු රිය අනතුරකින් වාහන 200කට අධික ප්‍රමාණයකට දැඩි අලාභ හානි සිදුව තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අයහපත් කාලගුණය සහ රියදුරන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් මෙම අනතුර සිදුවූ බවයි.

 

වාහන වල සිටින ඇතැම් පුද්ගලයන් අනතුර හේතුවෙන් තුවාල ලබා තිබේ.

 

විශාල සංඛ්‍යාවක් අනතුර හේතුවෙන් වාහන වලින් එළියට පැමිණීමට නොහැකිව කොටු වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ගිනි නිවන ට්‍රක් රථ 11 ක් සහ ගිනි නිවන භටයන් 66 දෙනකු මුදවා ගැනීමේ කටයුතු සඳහා යෙදවීමට චීන බලධාරීන් පියවර ගෙන තිබේ.

views

199 Views

Comments

arrow-up