DEC
21
විෂ දුමක් ආග්‍රහණය වී පාසල් සිසුන් පස් දෙනෙකු රෝහලේ

පුස්සැල්ලාව සරස්වති මහා විදුහලේ විද්‍යාගාරයේ රසායන ද්‍රව්‍ය අඩංගු බෝතලයක් පුපුරා යාමෙන් එය ආඝ්‍රාණය වී සිසුන් පස් දෙනෙකු සහ ගුරුවරුන් තිදෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.
උසස් පෙළ සිසුන් පිරිසක් සහ ගුරුවරුන් පිරිසක් අද(21) විද්‍යාව පරීක්ෂණයක් කරමින් සිටියදී රසායනික ද්‍රව්‍ය අඩංගු බෝතලයක් බිම වැටී පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පුස්සැල්ලාව පොලිසිය සිදු කරනවා.
231 Views
Comments