DEC
14
ආහාර සුරක්ෂිතාව වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක්

ආහාර සුරක්ෂිතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ඒකාබද්ධ යාන්ත්‍රණ කමිටු නියෝජිතයන් දැනුවත් කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (13) පැවති සාකච්ඡාවට එක්වෙමින්.
මේ සඳහා නව නීති ඉදිරියේ ගෙන එන බවයි ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේ දී සඳහන් කළේ.
ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කිරීමට නියමිතව තිබෙනවා.
230 Views
Comments