DEC
07
ගල්වැව සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට

පොදු දේපලවලට හානි කිරීමේ සිද්ධියකට අදාළව චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට ඊයේ (06) දිනයේ ඇප නියම විය.
කෙසේ නමුත් ඇප නියම වූ උන්වහන්සේ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
සිරිධම්ම හිමියන් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙලෙස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වේ.
242 Views
Comments