අද කාලගුණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
01

අද කාලගුණය

අද කාලගුණය

දෙසැම්බර් මස 02 දින සිට දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට වැඩි හැකියාවක් පවතින අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇති විය හැක.

 

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ.

 

සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

 

බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

 

ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.  

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යය ස්වභාවයෙන් යුතු වේ.

views

234 Views

Comments

arrow-up