ඇප අත්සන් කරන්න කෙනෙක් නැතුව වසර 18ක් බන්ධනාගාරයේ සිටි සිරකරුවෙක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

ඇප අත්සන් කරන්න කෙනෙක් නැතුව වසර 18ක් බන්ධනාගාරයේ සිටි සිරකරුවෙක්

ඇප අත්සන් කරන්න කෙනෙක් නැතුව වසර 18ක් බන්ධනාගාරයේ සිටි සිරකරුවෙක්

ඇපයට අස්සන් කිරීම සඳහා කිසිදු පුද්ගලයකු ඉදිරිපත් නොවීම හා ඇප ඉල්ලා සිටීමට අවශ්‍ය නීතිඥවරයකු සොයා ගැනීමට මුදල් නොතිබීම හේතුවෙන් වසර 18කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි, මිනීමැරුමකට සම්බන්ධ සැකකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි  ඇප ලබාදී තිබේ.

 

ශ්‍රී  ලංකා නීති ආධාර කොමිසමේ අධ්‍යක්ෂ සකුන්තලා කරුණාසිංහ, බන්දුල ගමාරච්චි, ලක්මිණී අමරසිංහ යන නීතිඥවරුන්ගේ මැදිහත්වීම මත මෙම ඇප ලබා ගැනීම සිදු කර ඇත.

 

මිනීමැරුමක් සම්බන්ධයෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ජේමිස් ඇන්තනී ලෝරන්ස් නමැති 70 හැවිරිදි සැකකරුවකුට එසේ ඇප හිමිව ඇත.

 

ශ්‍රී  ලංකා නීති ආධාර කොමිසමේ සහකාර නියෝජ්‍ය අධ්‍යක්ෂ (නීති) බන්ධනාගාර සම්බන්ධීකරණ නිලධාරිනි සකුන්තලා කරුණාසිංහ බන්ධනාගාරය වෙත ගොස් සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු විමසීමේදී මෙම සැකකරුවාට ඇප ඉල්ලීමට නීතිඥවරයකු හෝ ඇප අස්සන් කිරීමට පුද්ගලයකු සොයා ගැනීමට නොහැකිවීම නිසා ඔහු වසර 18කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවට කරුණු අනාවරණය කරගෙන ඇත.

 

නියෝජ්‍ය  අධ්‍යක්ෂවරිය මේ සම්බන්ධයෙන් නීති ආධාර කොමිසමේ සභාපති රොහාන් සහබන්ධු දැනුවත් කර ඉහත සඳහන් නීතිඥවරුන් දෙදෙනාගේද සහාය ලබාගෙන අධිකරණයට කරුණු දක්වා මෙම සැකකරුට ඇප ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා ඇත.

views

266 Views

Comments

arrow-up