බියර්, සිගරට් බොන්නට දී පාසල් සිසුවාව අපයෝජනය කළ විශ්‍රාමික හමුදා සෙබළා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

බියර්, සිගරට් බොන්නට දී පාසල් සිසුවාව අපයෝජනය කළ විශ්‍රාමික හමුදා සෙබළා අත්අඩංගුවට

බියර්, සිගරට් බොන්නට දී පාසල් සිසුවාව අපයෝජනය කළ විශ්‍රාමික හමුදා සෙබළා අත්අඩංගුවට

8 වැනි වසරේ ඉගෙනුම ලබන බාලවයස්කාර පාසල් සිසුවකුහට අවස්ථා කීපයකදී, සිගරට් සහ බියර් නොමිලේ ලබාදී පානය කිරීමට සලස්වා මතට හුරුකර අවස්ථා කිහිපයකදී බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ විශ්‍රාමික යුද හමුදා සෙබළකු පෙරේදා (15) අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි.

 

මව සහ පියා වසර හතක කාලයක සිට වෙන්ව ජීවත් වීම හේතුවෙන් වින්දිත දරුවා සිය 16 හැවිරිදි සහෝදරයා සමඟ මීට මාස දෙකකට පෙර සිට පියාගේ මව (මිත්තණිය) භාරයේ සිටින අතර වාරයේ මෙම අපයෝජනය සිදුව ඇතැයි පොලිසිය කියයි.

 

වෙළඳ සැලක් පවත්වා ගෙන යන සැකකරු විසින් වෙළඳසැලට පැමිණෙන දරුවාට සිගරැට් නොමිලේ ලබා දී මිතුරු වී, පසුව බියර් පානය කිරීමට සලස්වා අවස්ථා පහකදී මෙලෙස ලිංගික ක්‍රියා සිදු කර ඇති බව අනාවරණය වූ බව පොලිසිය කියයි.

 

දරුවා පාසල් යෑමට අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් සිය මිත්තනිය විසින් ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා වෙත පැමිණිලි කර ඇත.

 

පසුව දරුවා, සිදු වූ සියල්ල ලිපියක් මාර්ගයෙන් ග්‍රාම නිලධාරිවරයාට භාර දීමෙන් අනතුරුව, විමර්ශනයක් සිදුකර අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (16 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

views

237 Views

Comments

arrow-up