අද කාලගුණය

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පහල වායුගෝලයේ කැළඹිලි තත්ත්වයමේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇත. එය ඉදිරි පැය24 තුලදී තවදුරටත් වර්ධනය විය හැකි බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ. උතුරු, උතුරු මැදසහනැගෙනහිර පළාත්වල අහස වලාකුලින් බරව පවතිනු ඇත.
නැගෙනහිර , ඌව, උතුරු සහඋතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උතුරු, උතුරු මැද, නැගෙනහිර, සබරගමුවසහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 වැඩි තද වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන්කාරුණිකවඉල්ලා සිටිනු ලැබේ.
පොතුවිල්සිට මඩකලපුව, ත්‍රිකුණාමලයසහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස්කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. පොතුවිල්සිට මඩකලපුව, ත්‍රිකුණාමලය,කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60)පමණ දක්වා වැඩිවිය හැක.
පොතුවිල්සිට මඩකලපුව, ත්‍රිකුණාමලය,කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවිටින් විට රළුවේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැක.
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ මීටර්. (2.0-2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාව පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
219 Views
Comments