“විපක්ෂ නායක විහිළුකාරයෙක්” - මිහින්තලා රජමහා විහාරාධිපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

“විපක්ෂ නායක විහිළුකාරයෙක්” - මිහින්තලා රජමහා විහාරාධිපති

“විපක්ෂ නායක විහිළුකාරයෙක්” - මිහින්තලා රජමහා විහාරාධිපති

"විපක්ෂ නායකවරයා කියන චරිතය විහිළු කාරයකු වෙලා, විහිළු සපයන වැඩ කටයුතු කිරීම කාලෝචිත නෑ" ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍යපාද වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.

 

ජනාධිපතිවරු දෙදෙනෙක් කතා කළත් එම තනතුරු බාර නොගෙන අද පාරට ඇවිත් ජනතාව පෙළ ගස්සනව.මොකක්ද මේ කරන්න යන විහිළුව. 

 

සංචාරක කර්මාන්තය කඩා වැටිලා, ඊට බාධාවක් වෙනවා, සාමාන්‍ය ජනතාවට බාධාවක් වෙනවා. ඒ නිසා මේ පාලකයන් අරගලකරුවන්ව හඳුන්වන්නේ රාජද්‍රෝහීන් ලෙසයි.

 

එහෙම නම්  ජනතාවගේ හඬට ඇහුම් කන් දී පාර්ලිමේන්තුව තුළම තීන්දු තීරණ ගත යුතුයි.රටේ ජනතාවට උද්ඝෝෂණය කිරීමට අයිතියක් තියෙනවා .

 

භාෂණයේ අයිතියක් තිබෙනවා .ඒ සියල්ලම ඇත්ත.ඒ හඬ වෙනුවෙන් ලැබෙන පිළිතුර කුමක් ද කියන එක අද ගැටළුවක් වෙලා තියෙනවා. ඒ නිසයි අපි කියන්නේ මෙය පාර්ලිමේන්තුව තුළම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ක්‍රියාත්මක කළ යුතු බව .

 

විහාරාධිපති හිමියෝ අවධාරණය කළහ.

views

217 Views

Comments

arrow-up