කාන්තා පොලිස් කොස්තාපල්වරියන්ට කැත වැඩ කල සැරයන්ට වූ දේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

කාන්තා පොලිස් කොස්තාපල්වරියන්ට කැත වැඩ කල සැරයන්ට වූ දේ

කාන්තා පොලිස් කොස්තාපල්වරියන්ට කැත වැඩ කල සැරයන්ට වූ දේ

අක්කරේපත්තුව පොලිසියේ කොස්තාපල්වරියන්ට හා ආධුනික කොස්තාපල්වරියන්ට ලිංගික හිංසන සිදුකළ බව කියන  පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන වැඩතහනම් කළ බව පොලිසිය පවසයි.

 

විමර්ශනයේ දී හෙළි වු තොරතුරු අනුව සැකකාර සැරයන් අක්කරේපත්තු පොලිස් ස්ථානයේ සිට වෙනත් පොලිස් මුරපොළකට මාරුකර ඇති බවත්, විමර්ශයෙන පසුව ඔහු අත්අඩංගුවට ගෙන වැඩතහනම් කළ බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

 

සැකකාර පොලිස් සැරයන්ගේ මෙම ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල තොරතුරු පළවී තිබුණි.

 

අත්අඩංගුවට ගත් සැකකාර සැරයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

views

216 Views

Comments

arrow-up