පෝර ගන්න ගොවීන්ට රු: 10,000 සහනාධාරයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
20

පෝර ගන්න ගොවීන්ට රු: 10,000 සහනාධාරයක්

පෝර ගන්න ගොවීන්ට රු: 10,000 සහනාධාරයක්

 

මහ කන්නයේ වී වගා කරන සෑම  ගොවියකුටම බණ්ඩි පොහොර  මිල දී ගැනීම සඳහා රුපියල් 10,000ක සහනාධාරයක්  ලබා දීමට තීරණය කළ බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එච්.එම්. එල්. අබේරත්න මහතා පවසයි.

 

 මහ කන්නයේ දී ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට බණ්ඩි පොහොර මිල දී ගැනීම සඳහා  ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල්  කෝටි 1000ක් ලබා දීමට එකඟතාවය පළ කර ඇති අතර එම මුදල යොදා ගනිමින් මෙම සහනාධාරය දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 

මෙවර මහ කන්නයේ දී බණ්ඩි පොහොර හෙවත් Muriate of Potash (MOP)  පොහොර ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති අතර ඒ සඳහා ආසියා සංවර්ධන බැංකුව ලබා දී ඇති මුදල ඇමරිකා ඩොලර් මිලියන 40කි.

views

195 Views

Comments

arrow-up