රේගු භාරයේ තිබූ සහල් කිලෝ මිලියනයක් සත්ත්ව ආහාරවලට

රේගුව විසින් වසර ගණනාවක් තිස්සේ රඳවාගෙන සිට මුදාහරින ලද සහල් කිලෝ මිලියනයක් සත්ත්ව ආහාර සඳහා යොමු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
අදාල සහල් තොගය කල් ඉකුත් වීම හේතුවෙන් මිනිස් පරිභෝජනයට නුසුදුසු නිසා සත්ත්ව ආහාර සඳහා යොමු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.
ප්‍රමාද ගාස්තු නොගෙවීම හේතුවෙන් වරායේ රඳවාගෙන තිබූ බහාලුම් 79ක මෙම සහල් කිලෝ මිලියනයක තොගය තිබුණි.
විවිධ හේතූන් මත රේගුව විසින් වසර ගණනාවක් වරායේ රඳවාගෙන තිබූ සහල් කිලෝ මිලියනය මුදාහැරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (12) ප්‍රකාශ කර තිබුණි.
211 Views
Comments