OCT
27
තිරිඟු පිටිවල ප්‍රමිතිය බලන්න අපිට බලය නෑ..! – ප්‍රමිති ආයතනය

ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කරනු ලබන අවස්ථාවේ දී හෝ වෙළඳපොලේ අලෙවි කිරීමට තබා ඇති තිරිඟු පිටිවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට තමන්ට බලයක් නොමැති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න පවසනවා.
ඒ, තිරිඟු පිටිවල ප්‍රමිතිය පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්.
දැනට වෙළඳපොලේ ඇති තිරිඟු පිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ඇතැම් කරුණු ප්‍රකාශ වන බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත ද යම් විවේචනයක් එල්ල වෙමින් පවතින බවත් ඇය සදහන් කරනවා.
211 Views
Comments