පොලිසියෙන් කියා ගණිකාවන් බයකර ලක්ෂ ගණනක රන් බඩු කොල්ල කෑ කම්බ හොරු මාට්ටු වුණ හැටි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

පොලිසියෙන් කියා ගණිකාවන් බයකර ලක්ෂ ගණනක රන් බඩු කොල්ල කෑ කම්බ හොරු මාට්ටු වුණ හැටි

පොලිසියෙන් කියා ගණිකාවන් බයකර ලක්ෂ ගණනක රන් බඩු කොල්ල කෑ කම්බ හොරු මාට්ටු වුණ හැටි

අන්තර්ජාලයෙන් දැන්වීම් පළකර ගණිකා වෘත්තියේ යෙදී සිටින කාන්තාවන් හඳුනාගෙන එම ස්ථානවලට ගොස් ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් අපෙන්වා එම කාන්තාවන් අත්අඩංගුවට ගන්නා මුවාවෙන් ඔවුන් බියකර රන් භාණ්ඩ මංකොල්ල කෑ බව කියන යුද හමුදාවේ සිට ඉවත්කළ පුද්ගලයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 


ඔවුන් පැමිණි මෝටර් රථයද සමග දෙහිවල දුම්රියපළ පාරදී මෙම දෙදෙනා ඉකුත් 23 වැනිදා දෙහිවල පොලිස් අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

 

මෙහි ප්‍රධාන සැකකරු වසර 20 කට අධික කාලයක් යුද හමුදාවේ සේවයේ සිට අත්බෝම්බයක් ළග තබා ගැනීමේ වරදට යුද හමුදා සේවයෙන් 2009 වසරේ ඉවත්කළ ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53 ක අයෙකු වන අතර, සහායට පැමිණි ඥාති සොයුරාද ගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (50) ක් වන අයකු බව පොලිසිය කියයි.

 

මොවුන් දෙදෙනා එක්ව සැලසුම්කර අන්තර් ජාලයෙන් ගණිකා නිවාස සොයාගෙන ඒවාට ගොස් තමන් පොලිසියේ නිලධාරීන් ලෙස අඟවා ව්‍යාජ ලෙස සකසාගත් පොලිස් පරීක්ෂක හැඳුනුම්පතක් පෙන්වා ඔවුන් සතු රන් භාණ්ඩ හා මුදල්කොල්ලකා කාන්තාවන් කාමරවල සිරකර පලාගොස් ඇතැයිද පොලිසිය පවසයි. ද

 


ෙහිවල, වැලිකඩ, වැල්ලවත්ත, ගල්කිස්ස යන ප්‍රදේශවල ස්ථාන  කීපයකදීම රුපියල් ලක්ෂ 15 කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ කොල්ලකා ඇතැයිද ඒවා කොළඹ ප්‍රධාන පෙලේ රන්භාණ්ඩ අලෙවිසල් වෙත අලෙවිකර තිබියදී තම භාරයට ගෙන ඇතැයිද පොලීසිය පැවසීය.

 

මේ පිළිබඳව දෙහිවල පොලිස් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති හා අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක වීරසිංහ මහතා වෙත ලද තොරතුරකට අනුව සැකකරුවන් දෙදෙනා මෝටර් රථය සමග දෙහිවල දුම්රියපල පාරේදී අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේද සැකකරුවන් තවත් මංකොල්ලයකට සූදානම්ව සිට ඇත.

 

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, පොලිස් අධිකාරි සමන් ජයසේකර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුෂ්මන්ත ලියනගේ මහතාගේ උපදෙස් මත නිලධාරිහු වැටලීම සිදු කළහ.

views

214 Views

Comments

arrow-up