බණ්ඩාරගම විදුහලක සිසුන් පිරිසකට අමානුශිකව පහරදීමේ සිද්දිය - විදුහල්පතිනියගේ වැඩ තහනම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
10

බණ්ඩාරගම විදුහලක සිසුන් පිරිසකට අමානුශිකව පහරදීමේ සිද්දිය - විදුහල්පතිනියගේ වැඩ තහනම්

බණ්ඩාරගම විදුහලක සිසුන් පිරිසකට අමානුශිකව පහරදීමේ සිද්දිය - විදුහල්පතිනියගේ වැඩ තහනම්

බණ්ඩාරගම, ගුන්ගමුව කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් කීපදෙනකුට අමානුෂික ලෙස පහර දී කෲරත්වයට පත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ එම පාසලේ විදුහල්පතිනියගේ රාජකාරි නිල වැඩ බන්ධනාගාර ගතව සිටින කාලය තුළ තහනමට ලක් කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ශ්‍රීලාල් නෝනිස් මහතා පැවසීය.

 

මෙලෙස වැඩ තහනමට ලක් කරනු ලැබූවේ එම පාසලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කළ ජී.අයි.පී.ඊ. රාජි ගම්මන්පිල මහත්මියගේ ය.

 

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පසුගිය දෙවැනි දින ලද පැමිණිල්ලක් අනුව විදුහල්පතිනිය ළමා ආරක්ෂක අධිකාරිය වෙත පෙරේදා 8 වැනිදා කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

 

පන්ති කාමරය තුළ දී පාසල් ගුරුවරියකගේ මුදල් පසුම්බිය සොරාගත් බව කියන සිද්ධියක් මුල් කරගෙන පහ ශ්‍රේණිය පන්තියේ ඉගෙනුම ලබන සිසුන් නවදෙනකු වරින් වර පුස්තකාලය වෙත ගෙන ගොස් දණගස්වා දෙපාවලට වේවැල්වලින් හා ලී පතුරුවලින් පහර දී ඇති බවත් පසුව සැකකාර විදුහල්පතිනිය මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී පොලිස් නිලධාරීන් තුන්දෙනකු පාසලට කැඳවා ඇති බවත් ජාතික ළමා රක්ෂණ අධිකාරිය අධිකරණයට කරුණු දක්වමින් පවසා තිබිණි.

 

පසුව පොලිස් නිලධාරීන් තිදෙනකු පාසල වෙත ජීප් රථයකින් පැමිණීමෙන් අනතුරුව සිසුන් දෙදෙනකු පොලිස් නිලධාරීන්ට භාර දී ඇති බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා තිබිණි.

views

293 Views

Comments

arrow-up