23 හැවිරිදි අනියම් බිරිඳව පැහැරගන්න කැනඩාවේ සිට ලංකාවට ආ 63නේ අනංගයා ඇතුළු දෙකකට වූ දේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
10

23 හැවිරිදි අනියම් බිරිඳව පැහැරගන්න කැනඩාවේ සිට ලංකාවට ආ 63නේ අනංගයා ඇතුළු දෙකකට වූ දේ

23 හැවිරිදි අනියම් බිරිඳව පැහැරගන්න කැනඩාවේ සිට ලංකාවට ආ 63නේ අනංගයා ඇතුළු දෙකකට වූ දේ

මුලතිව් ප්‍රදේශයේ වයස අවුරුදු 23ක කාන්තාවක් පැහැර ගැනීමට කැනඩාවේ සිට පැමිණි 63 හැවිරිදි පුද්ගලයකු හා ඊට අනුබලදුන් තවත් දෙදෙනකු මුලතිව් පොලිසිය විසින් 08 දා අත්අඩංගුවට ගෙන තිබේ.

 

කැනඩාවේ පදිංචියට ගොස් සිටි වයස වුරුදු 23 ක කාන්තාවක් මීට වසරකට පමණ ඉහතදී විවාහ වී ඇති අතර කෙටි කලකදී ඇය ඔවුන්ගේම පවුලේ 63 හැවිරිදි ඥාතියකු සමග අනියම් සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් තිබේ.

 

මේ හේතුව මත සැමියා ඇයගෙන් වෙන්ව ජීවත් වී ඇති අතර කාන්තාව සිය ගම්මානය වූ මුලතිව් පළාතට පැමිණ ඇත. ඊට දින දහයකට පමණ පසුව කැනඩාවේ සිට මුලතිව් ප්‍රදේශයට පැමිණි පුද්ගලයකු තමන්ට ඇය සමග ජීවත් වීමට අවශ්‍ය බව පවසා ඇයව කැටුව යෑමට උත්සාහ කොට තිබේ.

 

ඊට කාන්තාවගේ ඥාතීන් විරුද්ධ වූ නිසා ඔහු එදින රාත්‍රියේ කාන්තාව පැහැර ගෙන යෑමට උත්සාහ කොට ඇති අතර ඥාතීන් එය වළක්වාගෙන මේ පිළිබඳව මුලතිව් පොලිසියට පැමිණිලි කොට තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ මුලතිව් පොලිසිය සැකකරු හා ඔහු සමග සිටි තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

views

335 Views

Comments

arrow-up