2023 වසරේ දී අලි ඇතුන් සංගණනයක්

මෙරට අලි ඇතුන් පිළිබඳව 2023 වසරේ දී නව සංගණනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබේ.
මෙරට අලි ඇතුන් පිළිබඳ අවසන් සංගණනය සිදු කර ඇත්තේ 2011 වසරේ දී බැවින් ලබන වසරේ නව සංගණනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ඒ මහතා පවසා තිබුණි.
අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කරන බවත් එහි එක් පියවරක් ලෙස මෙලෙස අලි ඇතුන් පිළිබඳ පූර්ණ සංගණනයක් සිදුකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබුණි.
පෙරේදා (15) වනජීවී හා වන සම්පත් සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ දී පැවැති රැස්වීමක දී ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණි.
193 Views
Comments