කැනඩාවේ සිට මෙරටට පැමිණ යාපනයට යද්දී කෝටි ගණනක බඩුමලු‍ත් අරන් ආ කුළී රථ රියැදුරු පැන ගිහින්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

කැනඩාවේ සිට මෙරටට පැමිණ යාපනයට යද්දී කෝටි ගණනක බඩුමලු‍ත් අරන් ආ කුළී රථ රියැදුරු පැන ගිහින්

කැනඩාවේ සිට මෙරටට පැමිණ යාපනයට යද්දී කෝටි ගණනක බඩුමලු‍ත් අරන් ආ කුළී රථ රියැදුරු පැන ගිහින්

කටුනායක ගුවන් තොටුපළේ සිට යාපනයට කුලී වාහනයකින් පැමිණෙමින් සිටි පවුලකට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ගමන් මලු සමගින් කුළී රථ රියැදුරෙකු අතුරුදහන් වීම නිසා එම පවුල දැඩි අපහසුතාවට පත්ව සිටිති.

 

කැනඩාවේ සිට පැමිණි මේ පිරිස යාපනය බලා ගමන් කරමින් සිටියදී කුරුණෑගල ප්‍රදේශයට නුදුරු ස්ථානයකින් දිවා ආහාරය ගැනීමට ගිය අවස්ථාවේදී කුලී වාහනයේ රියැදුරු ගමන් මලු සමග අතුරුදහන් වී ඇති බව එම පවුලේ සාමාජිකයන් පොලිසියට පැමිණිලි කොට තිබේ.

 

මේ පිරිස යාපනයට යෑම සඳහා කුලී රථය ලබාගෙන ඇත්තේ කටුනායක ලියාපදිංචි රථ ගාලෙන් නොවන නිසා ඒ වාහනය සම්බන්ධයෙන් වැඩි විස්තරයක් ලබා දීමට යාපනයේ පවුල අසමත් වී තිබේ.

 

දිවා ආහාරය ගැනීමට රියැදුරුටද ආරාධනය කොට ඇතත් ඔහු එය ප්‍රතික්ෂේප කොට වාහනයේම රැඳී සිට තිබේ.

 

පවුලේ උදවිය ආහාර ගෙන ආපසු පැමිණ බලන විට කුළී වාහනය ඔවුන්ගේ රුපියල් කෝටි ගණනක භාණ්ඩ බහා තිබූ ගමන් මලු 9 ක් සමග අතුරුදහන් වී ඇති අන්දම දැක ගැනීමට හැකි වී තිබේ.

 

මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කොට ඔවුන් වෙනත් වාහනයක් කුලියට ගෙන යාපනයට පැමිණ ඇත.

views

243 Views

Comments

arrow-up