නගර මධ්‍යයේ සිඟමනේ ගිය අම්මලා පුතාලා 09ක් පරිවාසයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

නගර මධ්‍යයේ සිඟමනේ ගිය අම්මලා පුතාලා 09ක් පරිවාසයට

නගර මධ්‍යයේ සිඟමනේ ගිය අම්මලා පුතාලා 09ක් පරිවාසයට

කුරුණෑගල නගර මධ්‍යයේ කුඩා දරුවන් ද සමග මහමඟ ජීවත් වෙමින් සිඟමනේ නියැළුණු මවුවරුන් සහ දරුවන් නවදෙනකු කුරුණෑගල ළමා හා කාන්තා පොලිස් කාර්යාංශය මගින් පෙරේදා (15) අත්අඩංගුවට ගෙන පරිවාස භාරයට යොමු කර ඇත.

 

බාල වයස්කාර දරුවන් සිඟමනේ යෙදවීමේ වරද මත මෙම පිරිස පොලිස් භාරයට ගෙන ඇත. ඔවුන් අතර මවුවරුන් හතරදෙනකු හා දරුවන් පස්දෙනකු සිටි බව කුරුණෑගල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂිකා ඉන්දිකා දැල්කදුර මහත්මිය පැවසුවාය.

 

ලෝක ළමා දිනයේදී ද මෙවැනිම වැටලීමක් සිදු කර කුරුණෑගල නගරයේ බාලවයස්කාර දරුවන් සමග සිඟමනේ නිරත වූ පිරිසක් පොලිසිය මැදිහත් වී පරිවාස භාරයට පත් කර ඇත.

 

පෙරේදා (15) සිදු කළ වැටලීමට පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් ද එක්ව සිට ඇති අතර පරිවාසගත කළ පහළොස්හැවිරිදි දැරිවියකට දාව මාස හතරක දරුවකු සිට ඇත.

views

205 Views

Comments

arrow-up