ශ්‍රී ලාංකිකයන් 08 දෙනෙක් නයිජීරියාවේ අත්අඩංගුවට

නයිජර් ඩෙල්ටාවෙන් නීති විරෝධීව බොරතෙල් ලබාගැනීමට පැමිණි බවට චෝදනා කරමින් ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙකු ඇතුළු නාවිකයන් 27 දෙනෙකු නයිජීරියානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
“හෙරොයික් ඉදුන්” නැමැති නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් 08 දෙනෙකු ඇතුළු නාවිකයන් 27 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස ලබන ජනවාරි 10 වනදා දක්වා නයිජීරියානු නාවික හමුදා රැකවල් යටතේ තබා ගැනීමට එරට අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ.
221 Views
Comments