බියර් බිබී ඉයර්ෆෝන් ගහගෙන රේල්පාරේ සිටි කම්කරුවා රාත්‍රී තැපැල් දුම්රියට බිලිවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

බියර් බිබී ඉයර්ෆෝන් ගහගෙන රේල්පාරේ සිටි කම්කරුවා රාත්‍රී තැපැල් දුම්රියට බිලිවෙයි

බියර් බිබී ඉයර්ෆෝන් ගහගෙන රේල්පාරේ සිටි කම්කරුවා රාත්‍රී තැපැල් දුම්රියට බිලිවෙයි

ඉයර්ෆොන් ගසාගෙන බියර් පානය කරමින් දුම්රිය මාර්ගයේ රැඳී සිටි 42 හැවිරිදි අයකු කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී මියගොස් ඇතැයි දුම්රිය ආරක්ෂක අංශ පවසයි. 

 

යාපනය දුම්රිය ස්ථානයට නුදුරින් මොහු පෙරේදා 22 රාත්‍රියේ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී එම ස්ථානයේ  දීම  මියගොස් ඇත. 

 

මෙසේ මියගොස්  ඇත්තේ  යාපනය වල්ලිපුරම ප්‍රදේශයේ පදිංචිව සිටි සෙල්වම් විමලදාසන් නමැත්තෙකි.


ඔහු යාපනය මහ නගර සභාවේ සේවය කරමින් සිටි කම්කරුවෙකි.

 

මියගිය අය පැළඳ සිටි රත්තරන් බ්‍රේස්ලට් තුනක්, මුදු දෙකක් සහ ජංගම දුරකථන දෙකක් ද අංක 4090 දරන දුම්රියේ ප්‍රධාන නියාමක එන්.එස්.එස්. ද සිල්වා මහතාගේ භාරයට ගෙන ඒවා ස්ථානයේ යාපනය දුම්රිය මෙහෙයුම් භාර ස්ථානාධිපති සෙන්නන් මහතාට භාර දී ඇත.

 

දුම්රිය මාර්ගයේ පුද්ගලයකු රැඳී සිටින අයුරු ඈත තියා දුටු දුම්රියේ රියැදුරා නළාව ශබ්ද කර ඇතත් ඔහු දුම්රිය මාර්ගයෙන් ඉවත් වී නොමැති බව යාපනය දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් පැවැසීය.



ඉයර්ෆොන් ගසාගෙන සිටි නිසා ඔහුට දුම්රියේ නළා හඬ නොඇසෙන්නට ඇතැයි එම නිලධාරියා කීය.  මියගිය පුද්ගලයා සතුව තිබී සොයාගත් රන් භාණ්ඩ සහ ජංගම දුරකථන දෙක ඔහුගේ බිරිඳට භාර දී තිබේ.

 

දුම්රිය ආරක්ෂක හමුදාවේ යාපනය දුම්රිය කාර්යාලයේ  වැඩබලන  ස්ථානාධිපති උපපරීක්ෂක ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අනතුර සිදු වූ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ඇත.

views

232 Views

Comments

arrow-up