DEC
14
කළුබෝවිල රෝහලේ සිව්වැනි මහලෙන් රෝගියෙක් බිමට පැන මරුට

කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු එහි සිවු වැනි මහලෙන් බිමට පැන අද (14) අලුයම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ, ගෝනපොල කන්දෙවත්ත ප්‍රදේශය පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්.
මොහු උගුරේ ඇති වූ පිළිකා රෝගයක් නිසා මීට මාස 3ක පමණ සිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර, අද (14) අලුයම 03ට පමණ සිවු වැනි මහලේ ජනෙල් කවුළුවකින් බිමට පැන මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
228 Views
Comments