ඉන්ධන හිඟ‍ය - වෛද්‍යවරුන්ගෙන් ගැබිණි මව්වරුන්ට විශේෂ දැනුම්දීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
28

ඉන්ධන හිඟ‍ය - වෛද්‍යවරුන්ගෙන් ගැබිණි මව්වරුන්ට විශේෂ දැනුම්දීමක්

ඉන්ධන හිඟ‍ය -  වෛද්‍යවරුන්ගෙන් ගැබිණි මව්වරුන්ට විශේෂ දැනුම්දීමක්

රටේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ගර්භනී මව්වරුන් රෝහල්ගත වීමේදී ප්‍රසූත වේදනාව උත්සන්න වනතුරු නොසිටින ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

 

ඉන්ධන නොමැතිව රෝහල්ගතවීම ප්‍රමාද වීම හේතුවෙන් සිය තුන්වන දරුවා නිවසේදී බිහි කළ මවක් පිළිබද පුවතක් ඊයේ(26) නිකවැරටිය ප්‍රදේශයෙන් වාර්තා විය.

 
සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පළමු දරුවා බිහිකළ මව්වරුන්ට දෙවන දරුවා බිහි කිරීමේදී ප්‍රසූත කාලය ඉතා අවම විය හැකි බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යා විභූෂණ මහතා පැවසීය.

 

එබැවින් ප්‍රසූත වේදනාවක් පිළිබඳ ඉඟියක් ලද වහා රෝහල්ගත වීමට මවුවරුන් සැලකිලිමත් විය යුතු බවද ඔහු අවධාරණය කරයි.

views

276 Views

Comments

arrow-up