අගමැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුවෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (20) දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමු වී ඔවුන් සමග සාකච්ඡා පැවැත් විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ඉදිරියේදී මාණ්ඩලික මට්ටමේ එකඟත්වයක් ඇතිකර ගෙන ඉන්පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යෝජිත වැඩසටහන ඇරඹීමට හැකි බව තමා අපේක්ෂා කරන බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකාවේ බලධාරින් සමග ලබන 30 වන දින දක්වා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
222 Views
Comments