අද පාර්ලිමේන්තුව රැස්වෙයි

අද (21) පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.එමෙන්ම අද සිට ලබන 24 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස් වේ.
පාර්ලිමේන්තුව සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ ලබන බ්‍රහස්පතින්දා දක්වා සභාව රැස්වන සෑම දිනකම පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කරන බවයි.
අද දිනය තුළ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත සහ සිවිල් නඩු විභාග සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත විවාද කිරීමකින් තොරව සම්මත කර ගැනීමටත්, කාර්මික ආරවුල් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත විවාද කිරීමෙන් අනතුරුව සම්මත කිරීමටත්, පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ.
212 Views
Comments