ඩොලර් වලට පමණක් ඉන්ධන දෙන පිරවුම්හල් අරින්න - බලශක්ති ඇමතිට ඉල්ලීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා විසින් සෑම දිස්ත්‍රික්කයකම විදෙස් මුදල් වලින් ගණුදෙනු කළ හැකි ඉන්ධනහල් විවෘත කරන ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
මෙමගින් රටපුරා සඟවා ඇති විදේශ සංචිත මුදල් පිටතට ගැනීමට හැකි බව ඔහු වැඩිදුරටත් පවසා සිටී.
මන්ත්‍රීවරයා ලිඛිතව අමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ ඩොලර් වලට පමණක් ඉන්ධන නිකුත් කරන ඉන්ධන පිරවුම්හල් වෙන් කලහොත් ඉන් සැලකිය යුතු විදේශ මුදල් ප්‍රමාණයක් සොයාගත හැකි බවයි.
212 Views
Comments