පිළියන්දල පුද්ගලයෙකු වැවට බිලිවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
21

පිළියන්දල පුද්ගලයෙකු වැවට බිලිවෙයි

පිළියන්දල පුද්ගලයෙකු වැවට බිලිවෙයි

අවුරුදු 32- 40ත්  අතර පසුවන්නෙකු බවට සිතිය හැකි නමුත් අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති පුද්ගලයෙකු  පිළියන්දල - හොරණ මාර්ගයේ කැස්බෑව ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ඇති වැවට බැස සිටියදී  දියේ ගිලී  ඇති අතර එම අවස්ථාවේ දී ඒ අවට සිටි පිරිස ඔහුව ගොඩට ගෙන පිළියන්දල රෝහලට ඇතුළත් කර ඇත.

 

 

ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි.මිය ගිය පුද්ගලයා ඉන්ධන ලබාගැනීමට කුමන වාහනයකින් පැමිණියාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

 

 

 මොහු සම්බන්ධයෙන් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව ඇත.

views

252 Views

Comments

arrow-up